

හැදින්වීම
කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් පනස්පහක වපසරියක පැතිර ඇති කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ක්‍රියාත්මක වන කැස්බෑව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවය, ග්‍රාම නිලධාරී වසම් හැත්තෑතුනක ජනතාව වෙත තම සේවා සපයමින්, ලක්ෂ තුනකට ආසන්න පිරිසකට සුවදායී දිවිපැවැත්මක් උදාකරලීම පිණිස ඇපකැප වී කටයුතු කරයි.
කැස්බෑව කොට්ඨාශය ආශ්‍රිතව ක්‍රියාත්මකවන පාරම්පරික වෛද්‍යක්‍රම සංරක්ෂණය උදෙසා වන සංරක්ෂණ සභා වැඩසටහන් පැවැත්වීම,දේශීය ආහාර සහ පාන පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම, වැඩිහිටි කායික - මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම, බෝ වන හා බෝ නොවන රෝග පාලනය, ඖෂධීය ශාක ව්‍යාප්තිය හා දැනුවත්භාවය වර්ධනය කිරීම, නව යොවුන් ආකල්ප සංවර්ධනය, මාතෘ හා ළමා පෝෂණය අනාරක්ෂිත ජන කණ්ඩායම් වල සුරක්ෂිතතාවය හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් රෝග නිවාරණය සඳහා මහඟු මෙහෙවරක් ඉටු කෙරේ. එයට අමතරව රෝගී සත්කාරය පිණිස ජංගම සායන, ස්ථිර සායන, නිරෞෂධ හා උපදේශන සායන සමඟ යෝග වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
වර්තමානයේදී මධ්‍ය රජයේ වකුගඩු රෝග නිවාරණ ඒකකයට අනුයුක්තව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියන් තිදෙනෙක් සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්‍ය නිලධාරිනියන් සිව්දෙනෙක් කැස්බෑව ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය මගින් තම සේවය ප්‍රජාව වෙත ලබා දෙමින් සිටිති.
දිනය |
ස්ථානය |
විස්තර |
බ්‍රහස්ප්‍රතින්දා |
ගොරකාපිටිය ග්‍රාම නිලධාරී කාර්‍යාලයේදී |
සති සායනය |
සිකුරාදා |
විශ්වකලා වැඩිහිටි සමිති ශාලාවේදී |
පළමුවන හා තෙවන සිකුරාදා |
|
|
|
සායන
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ආයුර්වේද දෙපාර්තමේන්තුව - බස්නාහිර පළාත